ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?

ලියාපදිංචිය (REGISTRATION)

ටුක්ටුක් සමග ඔබගේ කාර්, ත්‍රීවීල්, මෝටර් බයික් ලියාපදිංචි කර ටුක්ටුක් රියදුරු TUKTUK DRIVER ඇප් එක හරහා ඔබගේ දුරකතනයටම ටැක්සි හයර් ලබාගන්න.

රියදුරු ඇප් | රියදුරු අත්පොත | රියදුරු පාඩම්වීඩියෝ

සිංහලதமிழ் | English


ආදායම (INCOME)

ටුක් ඩ්‍රොප් (TukDrop)  මෝටර් සයිකල්:  කි.මී 1 – රු 20/=. පළමු කිලෝමීටරයට ගාස්තුව දෙගුණ වේ. රැඳී සිටීම (Waiting) මිනිත්තුවකට  රු 1/=


ටුක්ටුක්‌ (TukTuk)  ත්‍රී රෝද:   කි.මී 1 – රු 38/=. පළමු කිලෝමීටරයට ගාස්තුව රු 78/= . රැඳී සිටීම (Waiting) මිනිත්තුවට  රු 3/=


ටුක්සිප් (TukZip) – නැනෝ සහ කුඩා කාර්:  කි.මී 1 – රු 45/=. පළමු කිලෝමීටරයට ගාස්තුව දෙගුණ වේ. රැඳී සිටීම (Waiting) මිනිත්තුවට රු 3/=


ටුක්ගෝ (TukGo) සංචාරක රියදුරු:  කි.මී 1 – රු 50/=. පළමු කිලෝමීටරයට ගාස්තුව දෙගුණ වේ. රැඳී සිටීම (Waiting) මිනිත්තුවට රු 3/=. ලියාපදිංචි ටුක්සිප් (Tuk Zip), ටුක් එක්ස් (TukX) රියදුරන් ටුක්ගෝ (TukGo), චැනලය සක්‍රීය කරගන්න.

සංචාරක ගාස්තු


ටුක් එක්ස් (TukX) – සුකොපබෝගී කාර්: කි.මී 1 – රු 60/=. පළමු කිලෝමීටරයට ගාස්තුව දෙගුණ වේ. රැඳී සිටීම (Waiting) මිනිත්තුවට රු 3/=


ටුක් ඩ්‍රොප් (TukDrop) – මෝටර් සයිකල් : කි.මී 1 – රු 20/=. + කිලෝ 1 –  රු 50/= පළමු කිලෝමීටරයට ගාස්තුව රු 100/=. රැඳී සිටීම (Waiting) මිනිත්තුවට රු 1/=


ලියාපදිංචිය (REGISTARTION)

ටුක්ටුක් රියදුරු ඇප් එක බාගන්න,


හයර් ගමන් ලබාදීම කරන්නේ කුමන විදිහකටද?

ඔබට දැන් ඉස්සර වගේ හයර් එකක් ලැබෙන කම් වාහනයට වෙලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ වෙනුවට ගෙදරට වෙලා වැඩක් පළක් කරගෙන කාලය ගත කරන්න පුලුවන්. ඔබට තියෙන්නේ ඔබගේ App එක මගින් ඔබ රාජකාරියට සූදානම් කියලා සකස් කරගෙන තියාගන්න එක විතරයි. එවිට ඔබ සිටින තැනට ලඟපාතින් කෙනෙක් ගමනක් යන්න වාහනයක් හොයන විට පරිඝනක පද්ධතිය මගින් එම ඇනවුම එවේලේම ඔබ වෙත ලබා දීම සිදු කරනවා. ගාස්තු පිලිබඳව, දුර පිලිබඳව, ගතවූ කාලය පිලිබඳව ගැටලු නැහැ. මොකද ඒ හැම දෙයක්ම පරිඝනක පද්ධතිය මගින් ඉතා නිවරදිව ලබාදෙනවා. ඒ විතරක් නොවේ, ඔබගේ App එක මගින් ඔබට කුමන දුර සීමාවකට අයත් හයර්ද ලැබෙන්න ඕන කියලා ඔබටම සකස් කරගන්න පුලුවන්.

උදා :- ඔබ සිටින තැන සිට 3km ක් ඇතුලත හයර් පමනක් ලැබෙන ලෙසට ඔබට App එක සකස් කරගන්න පුලුවන්. (මෙම දුර ප්‍රමාණය 5 km ඉදල 500m දුර ප්‍රමාණය දක්වා සකස් කල හැකිය).

*ඔබට ඔබගේ TukTuk Driver App එකෙන්ම බලාගන්න පුලුවන් කොපමණ රියදුරන් සංක්‍යාවක් තමන් සිටින අවට සේවයේ ඉන්නවද කියලා. එමගින් ඔබට රියදුරන් අඩු ප්‍රදේශයක් වෙත ගමන්කර ඇනවුම් ලබා ගැනීමේ හැකියාව වැඩි කර ගන්න පුලුවන්.

*ඔබට App එක මගින්ම ඔබ සිටින ප්‍රදේශයේ වාහන තදබදය කුමන අන්දමින්ද පවතින්නේ කියලත් බලාගන්න පුලුවන්.

* ඔබගේ TukTuk Driver App එක මගින් නිරන්තරයෙන්ම ලබාදෙනු ලබන්නේ වඩාත් ඉක්මනින්ම ඔබට යාමට අපේක්ශා කරන ගමනාන්තයට අදාලව හොදම ගමනාන්තයයි. ( නැතහොත් මෙම මාර්ගයට අදාල මග පෙන්වීම, ඔබ වෙත සිදු කරන්නේ ඒ වෙලාවේ ඇති මාර්ග තදබදය, ගතවන කාලය, මේ සියල්ල සලකා බලාය).


මම කොහොමද හයර් ලබාගන්නේ?

ඔබට හයර් යන්න ඕන වෙලාවට ඔබගේ දුරකතනයේ ඇති App එකට ලොගින් වෙලා, ඇනවුම් ලබා ගැනීමට සකස් කිරීම විතරයි තියෙන්නේ. එවිට ඔබ සිටින තැනට ආසන්නයේ පුද්ගලයෙකු ගමනක් යාමට වාහනයක් සොයනවිට එවෙලේම එම ඇනවුම ඔබ වෙත ලැබෙනවා.
ඒ විතරක් නොවේ, හයර් එක (ඇනවුම) කොහේ සිට කොහාටද යන්න තියෙන්නේ, අදාල පුද්ගලයා ඉන්නේ කොහේද කියලා හරියටම App එකෙන් ඔබට පෙන්නනවා. එත් එක්කම එම ඇනවුමට ගතවන දුර සහ කාලය පිලිබඳව දල අගයකුත් එම ඇනවුමේම සඳහන් වෙනවා. ඔබට ඕන නම් ඒ හයර් එක ලබාගන්නත් පුලුවන්. නැත්තම් ලබාගන්නේ නැතුව ඉන්නත් පුලුවන්. එවිට මගීයාට අසන්නයේ සිටින ඊලඟ රියදුරු වෙත එම ඇනවුම යොමු වෙනවා.

ඔබට ඇනවුම ලැබී තත්පර 15ක් ගතවීමට කලින් ඇනවුම බාරගන්න. ඔබට බොත්තමක් තද කීරිම මගින් එය ප්‍රකාශ කෙරුවාම App එකේ පෙන්වන තැනට ගිහිල්ලා අදාල පුද්ගලයාව/මගියාව ඔබගේ වාහනයට නංවාගෙන මගියා යෑමට බලාපොරොත්තු වන තැනට ගෙනිහිල්ලා ඇරලන එක විතරයි.


ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?

– ඔන්ලයින් බොත්තම සක්‍රීය කිරීමට දකුණු අත දෙසට ස්ලයිඩ් කරන්න.
– හයර් ලැබෙන විට ඔබගේ දුරකතනය නාද වේ.
– ලැබෙන හයර් ACCEPT කර බාරගන්න නැතහොත් REJECT කර ඉවතලන්න.
– බාරගත් හයර් අවලංගු CANCEL නොකරන්න. අවලංගු ගාස්තු අය වේ.
– හයර් බාරගත් පසු සිතියමේ පෙන්වන මගියා  සිටින ස්ථානය වෙත යන්න.
– අවශ්‍ය නම් TRIP  බොත්තම හරහා දුරකතන ඇමතුමක් දී ගමන තහවුරු කර ගන්න.
– මගියා ගත යුතු ස්ථානයට ගිය පසු ARRIVE බොත්තම ස්ලයිඩ් කොට පැමිණි බව මගියාට දැනුම් දෙන්න.
– අවශ්‍ය නම් දුරකතන ඇමතුමක් දී පැමිණි බව දැනුම් දෙන්න.
– මගියා සමග ගමන ඇරඹීමට START බොත්තම් නැවත ස්ලයිඩ් කරන්න.
– මෙලෙස ගමන් ඇරඹු පසු ඔබට TRIP සලකුණ හරහා ටැක්සි මීටරයද ගමන් මාර්ගයද බල ගත හැක
– ගමන අවසන් කිරීමට FINISH බොත්තම නැවතත් ස්ලයිඩ් කරන්න.
– ඉන් පසු ගමන් ගාස්තු ලැබුණ බව තහවුරු කරන්න
– මගියාව අගයා ගමන නිමකරන්න.

ටුක්ටුක් ඇප් සිංහලෙන් භාවිතා කිරීමට අවශ්‍යනම් දුරකතනයේ භාෂාව සිංහල ලෙස වෙනස් කර ගන්න.


ගාස්තු (CHARGES) 

දිනපතා, සතිපතා, මාස් පතා ගාස්තු නොමැත. ඔබ ගෙවන්නේ බාරගන්නා ඇනවුම් (ORDER) ගණන මත පමණි. ඔබ පුර්ණ කාලීනව හෝ අවශ්‍ය වූ විට  සේවය කල හැක. මාසික හෝ දිනපතා ගාස්තු නොමැත. අපගේ ගාස්තු ඔබට ලබාදෙන ආදායමෙන් 12% පමණි. සෑම සම්පුර්ණ කරන ලද හයර් ගමන් ගාස්තුවෙන් අප ආයතනයට ගෙවිය යුතු ගාස්තු ඔබගේ ටුක්ටුක් ගිණුමේ ක්‍රෙඩිට් ශේෂයට ගමන අවසානයේ අය කරනු ලැබේ

හයර් ලබාගැනීම සැම විටම ඔබගේ ටුක්ටුක් ගිණුමේ ක්‍රෙඩිට් ශේෂය 0 වඩා ඉහල අගයක තබාගන්න. ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් හරහා හෝ අප ආයතනයේ බැංකු ගිණුමේ මුදල් තැන්පත් කර ශේෂය ටොප් අප් (TOPUP) කර ගත හැක.

TUK TUK NETWORK (PVT) LTD
කොමර්ෂල් බැංකුව
ගිණුම් අංකය: 1680021433
අවම ටොප් අප් තැන්පතු: රු 500/=


ගෙවීම් (PAYMENT)

ඔබ ඩිස්කවුන්ට් ලබාදෙන  විට හෝ ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලදී එම මුදල් ඔබගේ ටුක්ටුක් ඇප් ගිණුමට එකතුවේ. ඔබගේ ගිණුමේ ශේෂය රැ 1000/= ඉක්මවූ පසු  සතියේ සෑම බදාදා දිනකදීම ඔබට අය විය යුතු මුදල් ලබාගත හැක. ඔබගේ බැංකු ගිණුම් අංකය අප වෙත Email, SMS, Whatsapp කරන්න.

ඔබගේ ටොප් අප් අනෙකුත් රියදුරන්ට හුවමාරු කිරීමෙන්ද ඔබට ඔබගේ ටොප් අප් (TOPUP) ශේෂය මුදල් කරගත හැක. නොමිලේ ලබාදෙන ටොප් අප් (FREE TOPUP) භාවිතාවට පමණකි.


රියදුරු ඇප් | රියදුරු අත්පොත | රියදුරු පාඩම්වීඩියෝ

සිංහලதமிழ் | English